Tuesday 28 April 2020

නුබේ ඇස් දෙක වගේ

නුබේ ඇස් දෙක වගේ


නුබේ ඇස් දෙක වගේ දගකාර නෙත් දෙකක්
නුබේ දෙතොලග වගේ මුමුනනා තොල් දෙකක්
නුබේ අතැගිලි වගේ හැඩකාර අත් දෙකක්
දුටුවාම බස්‍ රියේ ඉගිලුනා මතකයක්....

නෙත් දෙකට පෙම් බැන්ද
තොල් වලට මන බැන්ද 
අත් වලට ඉගි බැන්ද 
මතකයක් හිත බැන්ද 

අමතකව ගියා දැන් බොහෝකල් ගිහින්වග 
ජීවිතයේ බාගයක් ගෙවා දැන් ඇවිත් වග
එය හරිම පුදුමයක් හිත රවට්ටනා වග
මතකයෙන් ගිලිහුනා ඒ තුරුනු වියේ වග 

නුබ මැරුනු ලෝකයක්

වලාකුළු සේල ඇද
නුබ අහසෙ දිලිසුණට
එලිය ඇගෙ නොවන වග
සද කුමරි දන්නවද

නුබෙ එලිය සෞම්‍යයි
කවියො කවි ලියූවද
පසු පසින් ඉන්නෙ මා
කියා උන් දන්නවද

මගේ දිස්නය අරන්
රෑ අහසෙ දිලිසුණට
නුබ මැරුනු ලෝකයක්
වග ඔවුන් දන්නවද

නුබ සොදුරු සිහිනයක්

නුබ සුලන් රැල්ලක් 
විඩාවන් නිවා ලන
සියොළඟම දැවටෙන
අල්ලන්න බැරි වෙන..

නුබ චන්ද්‍ර කිරනක්
ගන අදුර දුරලන
මද එලිය ගෙන එන
අල්ලන්න බැරි වෙන ...

නුබ සොදුරු සිහිනයක්
රාත්‍රිය හැඩ වන
සිත සොදුරු මත් වන
අල්ලන්න බැරි වෙන ...

ඇදහැලෙන වැසි නොවී

ඇදහැලෙන වැසි නොවී
මහා ඝන මාරුතේ...
දියනොවී පොලොව මත 
තිබෙන හිම කැට වගේ..
තෙත් කරන් හද මඩල
නුබත් මේ හිම වගේ.
තව කලක් හිටියනම්..
නුබ මගේ හදවතේ...

වසන්තය ලගාවේ

සීතලට ගුලි වෙච්ච
අතු අගෙහි හැන්ගිච්ච 
පුන්චි ගැට මල් පිච්ච
උනුහුමට හිනැහිච්ච

සීතල නිමාවී
වසන්තය ලගාවේ
ගැබ්බරවු අතු අගින්
මල් කැකුලු සිනාසේ
කාලයේ රියසකේ 
විදිමු අපි සිනාසී
නැවත ආයෙත් දිනෙක
සීතලම උදාවේ

සොදුරු සිහිනය වෙලා කුමටද

පාට නොපෙනෙන දෑස් අතිවිට 
පාට දේදුනු වෙලා කුමටද
නින්ද නොනිදා රෑ ගෙවන විට 
සොදුරු සිහිනය වෙලා කුමටද 
ජීවිතය මුඩු බිමක් වූවිට
වපුරලා වද වෙලා කුමටද 
හදවතින් නුබ ඈත් වූවිට 
ලතවෙලා විදවන්නේ  කුමටද ..