Tuesday 27 March 2012

පොඩි තරුව නුබට

ඈත දුරක අහසේ හිඳ...
මග පෙන්වන්නට තනනා
ලස්සන පොඩි තරුව නුබට
මග වරදිවී..........

අදුරෙ රැදී අතරමංව , සෙවනල්ලද හැර ගිය විට ..
නුබේ එලිය සුපුන් සඳක් වාගේ දැනේවි ..
අන්තිමේදී නුබට පාර අමත්කවෙවී......

එදිනට නුබේ දුක අහන්න ..
කව්රු සිටිදෝ තනියට ....
නුබේ තනියට කිසිවෙකු නුබ වාගේ නො ඒ වී ..
එදිනට නුබේ පුංචි හිතට දුකක් දැනේ වී ......


චන්දිම

 

Saturday 24 March 2012

නොසන්ඩාල කුබියා

නොසන්ඩාල කුබියා

මොකෙක්දෝ එකෙක්
මටත් නොදැනෙන්න .....
මගේ කලිසම යටට රිංගාන...
මගේ එක ඇ--ක් විකා දැම්මා ....

අල්ලලා පිටතින්ම
පොඩිකර, කඩා දමා අඬු ......
චෝප්පන් කලා.........
මුනවත් නොබලාම
නොසන්ඩාල කුබියාගේ ......... !!!!!

චන්දිම

Thursday 22 March 2012

සඳක් උනේ ඇයි සොඳුරිය

සඳක් උනේ ඇයි සොඳුරිය

සඳක් උනේ ඇයි සොඳුරිය
රෑ අහසට එලිය ගෙනෙන
එනමුදු උදයට බැසයන .....

කඳුල උනේ ඇයි සොඳුරිය
දුකේදී නෙත් දෙක සනසන
එනමුදු ටිකකින් වියෙලෙන ....

මලක් උනේ ඇයි සොඳුරිය
රෑ කල පෙති විහිදාලන
එනමුදු උදයට ගිලිහෙන...

චන්දිම