අවුරුදු කීපයක ඉදන් වැලන්ටයින් තරහ වෙලා..
දහසක් යුවතියන් අතර
සිටිය සොදුරු ටික දෙනෙකුට
උගේ දවසේ සැමරූ බව
මූට කවුරු හරි කියලද ?
සුදු වුනු කෙස් රැවුල් ගසුත්
පෑදෙන පොඩි තට්ටෙ එහෙම
ෆිට්නස් ටික අඩුවෙන වග
මූට කවුරු හරි කියලද ?
පාර දෙපස යන අගනුන්
දිහා බැලු බව හොරැහින්
මොකෙකුන් හෝ බලා ගිහින්
මූට කවුරු හරි කියලද ?
කොහොම උනත් කවුරුන් හරි
වැලන්ටයින් හම්බවෙලා
මාගැන යම් වැරැදි ටිකක්
ෂුවර් එකට කනේ තියල
ඒක නිසා වැලන්ටයින්
මාත් එක්ක තරහ වෙලා..!!!!