Thursday 4 August 2011

සුන්දරිය

සුන්දරිය
දෙනෙත් වල කාන්තිය
හිරු කුමරු පරදවන...
වත කමලෙ දිස්නය
සඳ කුමරි පරදවන...
හිරුරැසේ නැහැවෙන්න..
සඳ රැසේ කිමිදෙන්න..
ඉඩ දෙන්න සුන්දරිය ..
ආදරය විදගන්න....

චන්දිම

Tuesday 2 August 2011

ජීවිතය

විටෙක සුන්දර දිවිය - විටෙක කර්කෂ වෙයි..
විටෙක සැනසුම දෙයි - විටෙක දොම්නසදෙයි...
දුකට හඩවන දෙනෙත - සතුටටත් හඬවයි...
පුදුම දිවියක් මේක - සතුට දුක පෙරලෙයි....
චන්දිම

තනිකම…

තනිකම
ගත දැනෙන සීතලට වැඩි සීතලක් දැන්,
මගේ තනි සිත පුරා දැවටිලා...
පුංචි අත් පා ගැටෙන, පුංචි කටහඩ ඇහෙන ..
ලෝකයෙන් අනේ මා වෙන් වෙලා..

උනුහුමට ගුලි වෙච්ච පුංච් පැටවුන් නැතිව..
මගේ සිත සීතලෙන් ගල් වෙලා..
හද නැගෙන සුසුම් වැල් වල උනුහුමින් දැන්..
ජීවිතය ගෙවමි මම තනිවෙලා...

මගේ පැටවුන් ලගට ඉක්මනින් දිව යන්න,,,
උන්ගෙ ලග දැවටෙන්න, සැනසෙන්න, නැලවෙන්න...
තුරුලු කර සිපගන්න, සැරවෙන්න, වැරවෙන්න...
හැකිවෙයන් ඉක්මනට ජීවිතය විදගන්න....

චන්දිම ...

පුතුට ලියූ ගී

පුතුට ලියූ ගී
පහනක් නොවී ගෙදරට හිරු එලිය වෙලා.....
මලක් නොවී වත්තට මල් උයන වෙලා.....
දියබිඳ නොවී තිබහට මහ ඟගක් වෙලා...
සුදුපුතු නුබෙන් මගෙ ගෙදරම එලියවෙලා....

නියගෙට ඉරිතලා තිබුනා වූ වත්ත.....
මහ වැසි වැටී තෙමුනා මෙන් කර සුද්ද...
නුඹ ඇවිදින් කරනා වූ මේ යුද්ද.....
හැම දේ වෙනස් විය මහ ලොකුවට තිබ්බ.......

චන්දිම