Thursday 14 February 2019

වැලන්ටයින් තරහ වෙලා..

අවුරුදු කීපයක ඉදන් වැලන්ටයින් තරහ වෙලා..

දහසක් යුවතියන් අතර
සිටිය සොදුරු ටික දෙනෙකුට 
උගේ දවසේ සැමරූ බව 
මූට කවුරු හරි කියලද ?

සුදු වුනු කෙස් රැවුල් ගසුත්
පෑදෙන පොඩි තට්ටෙ එහෙම
ෆිට්නස් ටික අඩුවෙන වග 
මූට කවුරු හරි කියලද ?

පාර දෙපස යන අගනුන් 
දිහා බැලු බව හොරැහින් 
මොකෙකුන් හෝ බලා ගිහින්
මූට කවුරු හරි කියලද ?

කොහොම උනත් කවුරුන් හරි
වැලන්ටයින් හම්බවෙලා
මාගැන යම් වැරැදි ටිකක් 
ෂුවර් එකට කනේ තියල 
ඒක නිසා වැලන්ටයින් 
මාත් එක්ක තරහ වෙලා..!!!!

Wednesday 6 February 2019

නුබ සදක් වේනම්


ආදරෙයි කියා මට එක වරක් කිව්වනම්


මහා සාගරය සේ නුබට පෙම් බදිද්දී..
දිය බිදක් තරම් වත් නුබේ පෙම ලැබුනිනම්..

මහාමේරුවක් සේ නුබට පෙම් කරදිදී..
වැලි කැටය තරම්වත් නුබේ පෙම ලැබුනිනම්..

ජිවිතය පුරාවට නුබව සිහි කරද්දී ..
එකම එක කෂනයකට මා ගැනත් සිතුවනම්..

නෙතු රිදෙන තුරා මම නුබදිහා බලද්දී..
නෙත් කොනින් බිදක් නුබ මා දිහා බැලුවනම්..

ආදරෙයි කියා මම මැරෙන්නට හදද්දී..
ආදරෙයි කියා මට එක වරක් කිව්වනම්....

Tuesday 5 February 2019

මගේ සතුට නුබ අරගෙන .....

   


මලක් වෙන්නේ කොහොමද මම
මලේ සුවද නුබ අරගෙන ....

ගගක් වෙන්නේ කොහොමද මම
ගගේ ජලය නුබ අරගෙන ....

ඉගිල්ලෙන්නේ කොහොමද මම
පිහාටු ටික නුබ අරගෙන .....

සිනා වෙන්නේ කොහොමද මම
මගේ සතුට නුබ අරගෙන .....

පුතුට ලියු කවි




හිරු පිබිදුනත් අලුයම ලොව එලිය කර
මල් පිබිදුනත් ඒ එලියේ සුවය ලැබ
මගේ ලොවට පායා ආ සුපුන් සද
නුබ මිස වෙනින් කවුරුද හිත පහන් කල.....


මේ මිහිතලය වෙත අලුයම හිරු පායයි
මල් පිබිදිලා ඒ හිරු එළියේ බබලයි
රාජකාරි අවසන ගෙදරට දිවයයි
මගේ ලොවට හිරු පායන්නේ රෑටයි ....

නුබේ ආදරයෙ මට



නුබේ ආදරයෙ මට
             කිමිදෙන්න ඉඩ දෙන්න ..
නුබේ රන් ගතේ මට
            දැවටෙන්න ඉඩ දෙන්න ...
නුබෙන් සුන්දර වදන්
            අහන්නට ඉඩ දෙන්න...
නුබේ මිහිරැති රොනින්
            සැනසෙන්න ඉඩ දෙන්න ....

හායි ගූගල්

ඇගි නෝන,
මැගි නෝන
කරලැයින්
මියැදිලා..

සිරී
ගූගල්
සමග
බිස්බි
ඇත
පැමිණිලා..

දිනෙන් දින
මානුෂික
හැගුම් යයි
වියැකිලා..

හායි ගූගල්
සමග
අපි සැවොම
හිරවෙලා ...

Monday 4 February 2019

නුබේ නිල් දෑස




නුබේ නිල් දෑස තුල
පිරී ඇති ආදරය
ගගුලක්ව ඇද හැලී
මාව යට වේවිදෝ ...


නුබේ ලය මඩල තුල
පිරී ඇති ආදරය
පවනක්ව හමාවිත්
මාව කැලබෙවිදෝ ..


දෙනෙත් වල කිමිදිලා
ලය මඩලේ දැවටිලා
ආදරය ලබන්නට
කෙදින හැකි වේවිදෝ ....


                චන්දිම

Sunday 3 February 2019

හිම කැට වගේ ...


ඇදහැලෙන වැසි නොවී
මහා ගණ මාරුතේ ..
දියනොවී පොලොව මත
තිබෙන හිම කැට වගේ ...
තෙත් කරන් හද මඩල
නුබත් මේ හිම වගේ ..
තව කලක් හිටියනම්
නුබ මගේ හදවතේ ...


චන්දිම