Sunday, 31 May 2020

මුන ගැසුනු කාලය වැරදිය..

ගැයූ ගීතය මිහිරිය ...
ගැයූ තාලය වැරදිය..
ලියූ පද පෙල සොදුරුය..
ලියූ පේලිය වැරදිය ..
පිපුනු කුසුමත් සුවදය..
පිපී ඇති බිම වැරදිය ..
මුන ගැසුනු නුඹ සොදුරුය...
මුන ගැසුනු කාලය වැරදිය ...

Wednesday, 6 May 2020

මරතොන්ඩි රටාවන්

මරතොන්ඩි රටාවන
 ලස්සනට හැඩකරන..
මැකීයයි ඉක්මනින්
නූඹේ අතැගෙහි රැදුන...
මරතොන්ඩි රටාවන්
නොවී කාලෙන් මියෙන..
සුමුදු අතැගිළි වෙයන්
මගේ ගෙල පිරි මදින..

Monday, 4 May 2020

අහිමිවූ හාදුව

කලුලෑල්ලෙ සුදුහුණු කැට
ගුරැ අතැගිලි හැඩ මවද්දි
හැඩ බැලුවා මගේ හිතත්
නුඹ දැකුමෙන් වහ වැටිච්චි..

කලුලෑල්ලෙ සමීකරණ
විසදන හැටි කියාදෙද්දි
මතකයි පිලිතුරු සෙව්වා
මගේ හිතේ පැන නැගිච්චි..

සතිය පුරා බන්කු පේලි
එකින් එකට මාරු වෙදිදි
හිටියා මම මගේ තැනම
අග පේලිය කොනට වෙච්චි..

ලගට ඇවිත් දුරට ගියා
නුඹ පේලිය මාරු වෙද්දි
මම හිටියේ එකම තැනයි
නුඹව හොදට ඇහැ ගැටිච්චි..
කාලය ටික ටික වේගෙන්
දිනෙන් දිනේ ගෙවිල යද්දි
නුබේ පුටුව තනිවූවා
මගේ හිතට දුක දැනෙද්දි..