Monday 4 May 2020

අහිමිවූ හාදුව

කලුලෑල්ලෙ සුදුහුණු කැට
ගුරැ අතැගිලි හැඩ මවද්දි
හැඩ බැලුවා මගේ හිතත්
නුඹ දැකුමෙන් වහ වැටිච්චි..

කලුලෑල්ලෙ සමීකරණ
විසදන හැටි කියාදෙද්දි
මතකයි පිලිතුරු සෙව්වා
මගේ හිතේ පැන නැගිච්චි..

සතිය පුරා බන්කු පේලි
එකින් එකට මාරු වෙදිදි
හිටියා මම මගේ තැනම
අග පේලිය කොනට වෙච්චි..

ලගට ඇවිත් දුරට ගියා
නුඹ පේලිය මාරු වෙද්දි
මම හිටියේ එකම තැනයි
නුඹව හොදට ඇහැ ගැටිච්චි..
කාලය ටික ටික වේගෙන්
දිනෙන් දිනේ ගෙවිල යද්දි
නුබේ පුටුව තනිවූවා
මගේ හිතට දුක දැනෙද්දි..




No comments:

Post a Comment