Tuesday 2 August 2011

තනිකම…

තනිකම
ගත දැනෙන සීතලට වැඩි සීතලක් දැන්,
මගේ තනි සිත පුරා දැවටිලා...
පුංචි අත් පා ගැටෙන, පුංචි කටහඩ ඇහෙන ..
ලෝකයෙන් අනේ මා වෙන් වෙලා..

උනුහුමට ගුලි වෙච්ච පුංච් පැටවුන් නැතිව..
මගේ සිත සීතලෙන් ගල් වෙලා..
හද නැගෙන සුසුම් වැල් වල උනුහුමින් දැන්..
ජීවිතය ගෙවමි මම තනිවෙලා...

මගේ පැටවුන් ලගට ඉක්මනින් දිව යන්න,,,
උන්ගෙ ලග දැවටෙන්න, සැනසෙන්න, නැලවෙන්න...
තුරුලු කර සිපගන්න, සැරවෙන්න, වැරවෙන්න...
හැකිවෙයන් ඉක්මනට ජීවිතය විදගන්න....

චන්දිම ...

1 comment:

  1. නවසීලන්තයේ සීතල සමග....

    ReplyDelete