Monday 4 February 2019

නුබේ නිල් දෑස




නුබේ නිල් දෑස තුල
පිරී ඇති ආදරය
ගගුලක්ව ඇද හැලී
මාව යට වේවිදෝ ...


නුබේ ලය මඩල තුල
පිරී ඇති ආදරය
පවනක්ව හමාවිත්
මාව කැලබෙවිදෝ ..


දෙනෙත් වල කිමිදිලා
ලය මඩලේ දැවටිලා
ආදරය ලබන්නට
කෙදින හැකි වේවිදෝ ....


                චන්දිම

No comments:

Post a Comment